Tag Archives: පාපිෂ්ඨයකුගේ ආවර්ජනා

පාපිෂ්ඨයකුගේ ආවර්ජනා 5

 

 

Previous Parts :

පාපිෂ්ඨයකුගේ ආවර්ජනා 5

Advertisements

පාපිෂ්ඨයකුගේ ආවර්ජනා 4

 

romantic-walk[1]

ඉතින් යාලුවනේ ඔයාලට කොහොමද? ගොඩක් කාලෙකට පස්සේ නේද? මුලින්ම සමාව ඉල්ලනවා පහුගිය කාලය පුරාවටම ඔයාල එක්ක ඉන්න නොලැබීම ගැන. එත් මම වෙනුවෙන් මනෝ ඇතුළු අපේ කාර්ය මණ්ඩලය කරපු දේවල් වචන වලින් නිම කරන්න බැහැ. තියන අවම හැකියාව යටතේ මනෝ මේක පවත්වාගෙන ගියපු එකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මනෝව මේ අඩවියේ admin කෙනෙක් විදිහට පත්කලා. ඉතින් දැන් එයාට banner එහෙම දාල වඩාත් හොදට  මේක කරගෙන යන්න ලැබේවි.

ඉතින් මගේ කතාව දිහාට හැරෙමු. මුලින්ම නොදන්නා කට්ටිය මෙතනින් ගිහින් පරණ කතා ටික කියවල මතක්කරගන්න. පාපිෂ්ඨයකුගේ ආවර්ජනා

ඇත්තටම මම මේ කතාවේ ගොඩක් කොටස් ලියල තියනවා. මම එක පල නොකලේ මේක තුල ඉන්න චරිත ඇත්තටම අදටත් මා එක්ක ජීවත්වෙන නිසා. එයාලගේ ජීවිත වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියල හැගීමක් මට ආවා. නමුත් පහුගිය අවුරුදු දෙකේදී මගේ ජීවිතේ ගොඩක් දේවල් වල වෙනසක් ඇතිවෙමින් යනවා. ඉතින් මේක ලියවෙන්නේ එකත් පදනම් කරගෙන නිසා ඔයාල බලාපොරොත්තු නොවන දෙයක් අන්තිමට සිද්ද වෙන්නත් පුළුවන්. මොනවා උනත් මේකතාවට අවසානයක් ලගදීම ඒවි. එතකොට මට මේකේ අවසාන කොටස් ටික ඉක්මනට ඉවර කරන්න පුළුවන්. එත් මම දැනට ගොඩක් දිගට මේක ලියල තියනවා. හැකි ඉක්මනටම ඒවා ඔයාලට දෙන්නම් කලින් වගේ ප්‍රමාධ නොවී. එහෙනම් මේ කොටස කියවල අදහසක් දක්වන්න. ඔයාල හැමෝටම සුභ දවසක්

Continue reading

පාපිෂ්ඨයකුගේ ආවර්ජනා 3

pictures-winter-snow-sun-love--25790

ජීවිතය කියන එක කොතනින් පටන්ගත යුතුද කොතනින් අවසාන කල යුතුද කියන එක නොදන්නා මම අද වෙනකොට ජීවිතය යන ගමන ගැන හිතන්නවත් කාලයක් නැති තරම්. ඇත්තටම මට කාලයක් නැත්ද නැතිනම් මමම ඒ කාලය නැති කරගෙනද කියන එක නිවීසනසිල්ලේ හිතල බලන්න ඕන. අද මට කැමති දෙයක් සල්ලි වලට ගන්න පුළුවන් උනත් ජීවිතයට උවමනා සතුට සැනසිල්ල සල්ලි වලට ගන්න බැරිබව මම හොදටම අවබෝධ කරගත්ත කෙනෙක්. මට මාව නැතිඋනේ කොතනින්ද කියන එකත් මම ජීවිතේ සතුටින් ගත කරපු කාලයත් එක්ක බැලුවහම අද ගෙවන ජීවිතයත් දිහා බැලුවහම තියෙන්නේ ලොකු කලකිරීමක්. සංගීතය පිළිබද කිසිම දැනුමක් නොතිබුන මට අවුරුදු 7ක් ඇතුලත මේ තැනට එන්න ලැබුනත් ජීවිතේ වටිනාම සම්පත් කීපයක්ම අහිමි කරන්නත් සංගීතයම උදව් උනා.

Continue reading

පාපිෂ්ඨයකුගේ ආවර්ජනා 2

___this_way_is_going_where_we_are_coming_from__by_christinekalliri-d58o5nc

ආපහු super market එකට ගියපු මම අරක්කු බෝතලයක් අරගෙන ගෙදර ආවේ සිතේ තිබුන ප්‍රබෝදයක් එක්ක. එත් ඒ ප්‍රබෝදය වැඩිවෙලා නොතියන බව මට තේරුණා.එකට හේතුව උනේ මම දොර අරිනකොටම දොරේ එල්ලලා තිබුන wind chime එක. එකත් මගේ අතීත සැමරුම් වලම එක කොටසක්. මේක මට ඔය දුන්නේ විශේෂ හේතුවක් නිසාද කියන්න මම දන්නේ නෑ. දැන් මට දුන්න දවසත් හරියටම මතක නෑ සුදුනෝන. එත් ඉස්සර මම ගෙදර මගේ කාමරේ දොරේ මේක එල්ලුවේ ගොඩක් සතුටකින්.

Continue reading

පාපිෂ්ඨයකුගේ ආවර්ජනා 1

gtar-guitar-41

දුම්වැටියක් සමග අරක්කු වීදුරුවක් පුරවා ගත්ත මම  ජනේලය අයිනේ පුටුවක වාඩිවෙලා ඈතින් පෙන කදුයාය දිහබලගෙන උන්නේ හිස් හැගීමකින්. හිම මිදුණු ශීත සෘතුව ජර්මනියට හැම දෙසැම්බරයකම එළබෙන්නේ මගේ ජීවිතේට  තවත්  දුකක් ඉතුරුකරමින්. සංගීත කණ්ඩායමේ ඔක්කොම යාලුවෝ  එයාලගේ  පවුලේ උදවිය සමග නිවාඩුව ගතකරනව. එත් මගේ තනියට ඉන්නේ මේ අරක්කු බෝතලේ විතරයි කියල හිතෙනකොට මට එන්නේ මා ගැනම විශාල කලකිරීමක්. ජීවිතේ ඇයි මට මෙහෙම උනේ. මම මා ගැනම කල්පනාකරනවා .

Continue reading

%d bloggers like this: