Tag Archives: නොසැලෙන සෙනෙහස

‘නොසැලෙන සෙනෙහස’ – (ඒ අප සැමගේ පැතුමයි ) – 11 වන කොටස (16+)

???????????

හිරිමල් විය පසු කොට නිමක් නැති කොනක් නැති ලෝකයට අවතීර්ණ වන තරුණ තරුණියන්ට ලෝක යථාර්යට මුහුණ දීමට සිදු වීම අනිවාර්ය දෙයකි. කුමන තරාතිරමක සිටියත්, මෙය සියල්ලන්ටම පොදු ධර්මතාවයකි.

Continue reading

Advertisements

‘නොසැලෙන සෙනෙහස’ – (ඒ අප සැමගේ පැතුමයි ) – 10 වන කොටස (16+)

P10

9 වන කොටස අවසානයේ වූ කුතුහලය දනවන සිද්ධිය නිසා මේ කොටස එනතුරු සියලු දෙනා බලා සිටින බව මම දනිමි. එමනිසා දහසක් වැඩ කටයුතු මධ්‍යයේ 10 වන කොටස මෙසේ ඔබ වෙත පිළි ගන්වමි.

ජීවිතය ඉතා සංකීර්ණ දෙයකි. එය විටෙක රසවත් වන අතර විටෙක ශෝකය ගෙන දේ. රසය හෝ ශෝකය අඩු වැඩි වන්නේ අප ජීවිතයට මුහුණ දෙන ආකාරයටය.

Continue reading

‘නොසැලෙන සෙනෙහස’ – (ඒ අප සැමගේ පැතුමයි ) – 9 වන කොටස

P9

ලෝකය කිසිම විටක අප සිතන තරම් සුන්දර නොවේ. කෙතරම් සාධාරණව, විනය සහ නීති ගරුකව ජීවත් වීමට තැත් කළද විෂම සමාජයේ යථාර්තයට මුහුණ දීමට අප සෑම දෙනාටම සිදු වේ.

සමාධිත්, තාරකත්, ඔවුන්ගේ මිතුරු මිතුරියනුත් මේ යථාර්තයට මුහුණ දිය යුතුය. ජීවිතය ගමන් කරන්නේ සුළි සුලං, වන ලැහැබ්, වන සිවුපාවුන්, කඳු පල්ලම්, මඩ ගොහොරු ඇති මාවතක් ඔස්සේය. එය ලෙහෙසි ගමනක් නොවේ.

Continue reading

‘නොසැලෙන සෙනෙහස’ – (ඒ අප සැමගේ පැතුමයි ) – 8 වන කොටස

P7

පොරොන්දු වූ පරිදි 11 වනදාට පෙර ඊ ළඟ කොටස මෙසේ පල කරන්නෙමි.
සමාධි, තාරක  සහ ඔවුන්ගේ මිතුරු මිතුරියන් දැන් යෞවන මල් වයස පසු කොට යථාර්තවාදී ලෝකයට පිවිසීමේ දොරටුව අසල සිටිති.

Continue reading

‘නොසැලෙන සෙනෙහස’ – (ඒ අප සැමගේ පැතුමයි ) – 7 වන කොටස

P1

අපි සියලු දෙනාම නොයෙකුත් අයුරින් විවිධ ජීවිත අත්දැකීම් ලබා ඇත්තෙමු. ඒවා මිහිරි හෝ අමිහිරි ඒවා විය හැකිය. ඒ හැම අත්දැකීමක් තුලින්ම අපි ජීවිත අවබෝධයක් ලබන්නෙමු.

Continue reading

‘නොසැලෙන සෙනෙහස’ – ඒ අපගේ පැතුමයි – 6 කොටස

anuththaraa_pasindhu

ආදරය අති උතුම් වස්තුවකි. අවංක ආදරයක් ලැබීමෙන්ද, ආදරයක් ලබා දීමෙන්ද අපි මහත් වූ ප්‍රමෝදයක් ලබන්නෙමු. ආදරය නැතිවූ තැන පාළු, හිස් බවක් ඇති වේ. ජීවිතය ඝන අන්ධකාරයකින් වැසී යයි.
“ඔබයි රම්‍ය සඳ ඝන අන්ධකාරේ”
මේ රම්‍ය සඳ පිවිතුරු ආදරයයි.
ඔබ සැමගේ හදවත් වලට මේ නිමල ආදරයේ සුවය සුළුවෙන් හෝ ලබා දෙන සිතුවිල්ලෙන් ‘නොසැලෙන සෙනෙහස’ ඔබ වෙතට ගෙන එමි.

Nosalena senehasa_6

‘නොසැලෙන සෙනෙහස’ – (ඒ අපගේ පැතුමයි ) – 5 කොටස

t

ලංකාවේ සිටින සුළු කාලය ඉතා කාර්ය බහුල වූවද, පාඨක ඔබට විය යුතු වග කීම ඉටු කරනු පිණිස මම 5 වන කොටස මෙසේ ප්‍රකාශ කරමි. මෙම කොටසේ විශේෂත්වය වන්නේ ඉන් වැඩි කොටසක් ලංකාවේ සිට ලිවීම නිසාය. මෙහි එන ආරුගම් බොක්කෙ දර්ශනය මා රචනා කලේ ආරුගම් බොක්කේ විවේකයක් ගත කිරීමට ගිය අවස්ථාවේදීය.

මනෝ

Nosalena senehasa_5

%d bloggers like this: