“නමක් නැති කතාවක්”

1st Episode_Page_1

  “නමක් නැති කතාවක්” යනු මගේ ප්‍රථම නවකතාවයි. කියවා රසවිඳ එම අඩුපාඩු පෙන්වා දෙනමෙන් කාරුණිකව අයැද සිටිමි. මෙහි නම් ගම් සියල්ල මනඃකල්පිතය. නමුත් සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් රචනා කරන ලද්දකි ලද්දකි. කොටස් විස්සකින් පමණ සමන්විත මෙම කතාවේ ප්‍රථම දිගහැරුම මෙසේ ඔබගේ රසවින්දනයට ප්‍රධානය කරමින් දෙවන කොටසද ඉතා ඉක්මනින් ඔබ වෙත ලබාදීමට පොරොන්දු වෙමි. 

Continue reading

Advertisements

“අහිමි පෙම“ කෙටි කතාව – සුමුදිත කවිෂාන්

ahimi pema

 

මෙන්න සුමුදිතගෙන් තවත් නිර්මාණයක්.මේ නිර්මාණය ගැන ඔබේ අදහසත් එකතු කරලා නිර්මාණකරුවා දිරිගන්වන්න.

 

Continue reading

“සමාවෙලා හදාගන්න මට මගේ හිත“ -කෙටි කතාව

11037225_424472094405452_318614670272854104_n

 

ෆේස්බුක් කියන්නෙ සමාජයේ ගොඩක් කතාබහට ලක්වෙන සමාජ ජාල වෙබ් අඩවියක්.එදා ඉස්කෝලෙ පහේ හයේ හිටිය ලමයි බට්ටො පැනලා,අයිස් පයිස් ගහලා හිටියට අද ඒ වයසේ ලමයි ඉන්නෙ ෆේස්බුක් එකේ. ගොඩක් මිනිස්සු මේ ෆේස්බුක් එකට විවේචන කරාට ෆේස්බුක් එකෙත් තමන්ගෙ හැකියාවන් එලිදක්වන තරුණ තරුණියෝ ඉන්නවා.

ඒ වගේ තමන්ගෙ හැකියාව ෆේස්බුක් අඩවියේ පල කරන තරුණයෙක් තමයි සුමුදිත කවිෂාන්.ගොඩක් ලස්සන හිතට වදින කතා ගොඩක් ඔහුගේ ෆේස්බුක් ගිනුමට ඇතුල් වුනාම දැකගන්න පුලුවන්.

ආදරය කියන්නෙ හැමෝටම පොදු දෙයක් වුනත් ආදරය කරන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.මේ ආදරය දකින සමාජයත් එහෙමයි.කෙනෙක් හොද විදිහට දැක්කත් තව කෙනෙක් ඒක වැරදි විදිහට තේරුම් ගන්න පුලුවන්.සංස්කෘතිය කියන වචනය ලොකුවට ඉස්සරහට දාගෙන අපි හැමෝම හැමදේකම හොයන්නෙ වැරදි.මේ කතාවෙන් ඔබ දෙයක් ලබා ගනීවි.තව කෙනෙක්ට චෝදනා කරද්දි ඔබ දෙපාරක් සිතාවි…

 

Continue reading

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා…

Awurudu_Greeting_thu_nnn

“නුඹ වෙනුවෙන්…“ – කෙටි කතාව

 

Loving couple holdind on the hands and sunset

Loving couple holdind on the hands and sunset

“ආදරය මොන තරම් ලස්සනද? සුදු කලු වර්ණ නෙමෙයි…ආදරයේ ලස්සන දකින්න ආදරය විදින්න ඕනේ…“

හිහි…ලොකු ටෝක් නෙහ්…

මට මේ නිර්මාණකරුවා හදුනාගන්න ලැබෙන්නෙ ෆේස්බුක් අඩවියෙන්…මම රචකයෙක් කියලා බොරු ෂෝ දාන්නෙ නැති වුනාට මේ රචකයාගේ නිර්මාණ ඇත්තටම ගොඩක් ලස්සනයි වගේම හොද අදහසක් ගන්න පුලුවන් විදිහට ලියනවා.

“ජින්කානා ජින්ජබරස්…“මේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ නම.

“නුඹ වෙනුවෙන්…“ කෙටි කතාවත් ඔහුගේ ෆේස්බුක් පිටුවේ තිබුන බොහෝම ලස්සන නිර්මාණයක්.බලන්නකෝ ඔහුගේ මේ වෑයම කොයිතරම් සාර්ථකද කියලා…

ඒවගේම මේ නිර්මාණය ගැන ඔබේ මතයත් සදහන් කරන්න අමතක කරන්න එපා…

 

 

Continue reading

“මගේ සඳයි ඔබ“ – 01 – කොටස – කසුන් රංගන

night_sky_moon_trees_river_reflection_95979_3840x2160

 

“සමනල මාවත“ , “නිමා වූ ගිම්හානය“ වගේ නිර්මාණ වලින් අපේ අඩවිය ලස්සන කරපු රචකයෙක් තමයි කසුන් රංගන කියන්නෙ.ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ නේද?

ඔන්න අපේ කසුන් අයියා කාලෙකට පස්සෙ අපිට ලස්සන නිර්මාණයක් දීලා තියෙනවා. “මගේ සඳයි ඔබ“ මේ කසුන් අයියාගේ තුන්වන නව කතාව. කලින් කතා වගේම මේ කතාවත් ගොඩක් ඉක්මනින් ඔබේ කැමැත්ත දිනා ගනීවි කියලා මම හිතනවා.

Continue reading

‘පුනරාගමනය’ – නව කතාව

Punaraagamanaya_Novel

පුරා අවුරුද්දකට වැඩි කාලයක් කොටස් වශයෙන් පල වෙමින් ඔබට රස වින්දනය ලබා දුන් ‘පුනරාගමනය’ නව කතාවක් ලෙස මෙසේ එළි දැක්වේ.

පිටු 1700 කට වැඩි සංඛ්‍යාවක් සහිත ‘පුනරාගමනය’ මෙතෙක් පලවී ඇති දීර්ඝ නවකතා කාණ්ඩයට අයත් නවකතාවක් වනු ඇත.

‘පුනරාගමනය’ වර්තමාන සමාජයේ සිදුවන යථාර්තවාදී විෂම, දූෂිත සහ සමාජ විරෝධී ක්‍රියා මූලික කොට මාගේ අත් දැකීම් සංකලනය කොට නිර්මාණය කරන ලද වෘත්තාන්තයකි.

‘පුනරාගමනය’ නවකතා පොතක් ලෙස මුද්‍රණය කොට වෙළඳ පොලට නිකුත් කරන ලෙස මාගේ මිතුරන් දෙදෙනෙකු මාහට පවසා තිබේ. ඔවුන් ලංකාවේ ප්‍රකට ප්‍රකාශක සමාගමක් මට හඳුන්වා දීමටද කැමැත්ත පල කලෝය.

එහෙත් මම මෙම අදහසට ඉඳුරා විරුද්ධ වූයෙමි.

මාගේ අභිප්‍රාය වනුයේ මෙම කතාවෙන් සමාජයට කිසියම් සේවයක් කිරීම මිස කිසිදු අයුරකින් මුදල් ඉපයීමක් නොවේ. මෙම සේවය දැනටමත් සිදුවී තිබෙන බව කතාවට ලැබූ පාඨක ප්‍රතිචාර වලින් පැහැදිලි වේ. මෙම ප්‍රතිචාර සමහරක් කතාවේ පෙරවදන කොටසේ මා ඇතුලත් කොට තිබේ. මෙම ප්‍රතිචාර වලින් මාහට ලැබෙන ප්‍රීතිය අසීමිතය.

නවකතාවක් වෙළඳ පොලට දමා අලෙවි කොට මුදලක් ඉපයීමෙන් ලැබෙන සතුට මා අර්ථ දක්වන්නේ ලෞකික සතුටක් ලෙසටය. එම සතුට කෙටි කාලින සතුටක් පමණක් වනු ඇත. එම සතුට මාගේ හදවතට දැනෙන්නේ නැත. එහෙත් කිසිවක් ආපසු බලාපොරොත්තු නොවෙමින් පිරිසිදු සිතකින් යුතුව සමාජයට සිදු කරන මෙහෙවරකින් ලබන සතුට ලෝකෝත්තර හෙවත් ආධ්‍යාත්මික සතුටක් වනු ඇත. ‘පුනරාගමනය’ නිසා මට එම ආධ්‍යාත්මික සතුට ලැබී තිබේ. එම සතුට කිසිදා නැති නොවේ. කෙදිනක හෝ මා මෙලොවින් සමු ගන්නා දිනක ඒ සතුට මම රැගෙන යනු ඇත.

මෙම ලෝකෝත්තර සතුට තව දුරටත් ඇති කර ගැනීම පිණිස මම ‘පුනරාගමනය’ නව කතාව මෙසේ ඔබ වෙත පිළිගන්වමි. මෙම කතාව හැකි පමණ ඔබගේ  මිතුරු මිතුරියන් සමග බෙදා හදා ගන්නා ලෙස මම කාරුණිකව ඉල්ලා සිටින අතර බුද්ධිමය දේපල වලට ගෞරව කරන ලෙසද ඉල්ලා සිටිමි.

ඔබ සැමට සදා ජය.

මනෝ

Continue reading

%d bloggers like this: