Novels LK සහෘද එකමුතුව

vv

 

තමන්ට තියෙන දුකක්,වේදනාවක්,ප්‍රශ්නයක් හි‍තේ තද කරගෙන ඉන්න මොන තරම් අමාරුද?
ඒවගේම තමන් නොදන්න දෙයක් අහගන්න කවුරුත් නැති වුනාම අපි මොන තරම් අසරණ වෙනවද?
මේ ගැටලුව ඔබට මට විතරක් නෙමෙයි.අපි හැමෝටම තියෙන දෙයක්.අපිට අපේ කියලා ‍යහලුවන් පිරිසක් ඉන්නවනම්,අපේ ප්‍රශ්න වලට සහනයක් ලබා දෙන,අපි නොදන්න දේ කියලා දෙන සහෝදර සහෝදරියන් පිරිසක් ඉන්නවා නම් ඒක අපිට ලොකු හයියක් නේද?

NOVELS LK ,සහෘදයින්ගේ සොදුරු නවාතැන්පලේ අපි ඒක හොදින් තේරුම් ගත්ත පිරිසක්.ෆැන්ටසි කතාවලින් මොලේ කුරුවල් කරපු කාලෙක අපේ අඩවිය හරහා ඔයාලගේ හිතට දැනෙන නිර්මාණ ලබා දුන්න අපි ආදරණීය ඔබව ඉදිරියටත් අලුත් නිර්මාණවලින් පිනවන්න සූදානමින් ඉන්නවා.
‍මේ පිටුව අපි නිර්මාණය කලේ ඔබේ හිතේ තියෙන දුක,සතුට,අත්දැකීම් අපිත් එක්ක ව‍ගේම අපේ අඩවියේ පාඨකයන් එක්කත් බෙදා ගන්න.නොදන්න දේවල් දැනගන්න.

මේ ‍පිටුවේ පහල තියෙන ප්‍රතිචාර කොටුවේ ඔබේ ගැ‍ටලු/දැනගන්න කැමති දේ සටහන් කරන්න.

ඒවගේම ඔබට පුලුවන් අපේ අඩවියේ රචක රචිකාවියන්වත් සම්බන්ධ කරගන්න.පහල තියෙන පෝරමය පුරවලා අපට එවන්න.

 

 

Advertisements

3 thoughts on “Novels LK සහෘද එකමුතුව

  1. Tharaka February 25, 2014 at 6:35 am Reply

    ඔබත් ආදරේ කරනවනම් මේ පෝස්ට් එක අනිවාර්යෙන්ම බලන්න..බලන්න මම වැරදිද කියලා.

    අවංකව ආදරය කරන දෙන්නෙක් ඉස් ඉස්සෙල්ලාම මුන ගැහෙන්න ප්ලෑන් කරන්නෙ
    පන්සලේ..දෙන්නම ආශිර්වාද ගන්න බලාපොරොත්තුවෙන් පන්සලට යන්නෙ ගොඩක්
    බලාපොරොත්තු තියාගෙන.ඒත් බලන්ඩකො මොකද වෙන්නෙ කියලා…

    පන්සලේදි…………

    හාමුදුරුවෝ – “මේක පූජා භූමියක්…පෙම් කෙලින තැනක් නෙමෙයි. පලයව් යන්ඩ….“

    උපාසක අම්මලා – “බලාපන්ලකෝ මුන්ට ලැජ්ජාවක් නැති හැටි…පන්සලටත් එනවනේ
    නාඩගම් නටන්ඩ…“

    දේවාලෙ කපු මහත්තයා – “තොපි මේ අඩවියෙ ඩෙගා නටන්ඩ ආවද…..අතුගාපියව්
    පන්සල් වත්තම….“

    මදෑ ආශිර්වාද ගන්ඩ කියලා පන්සලකට ආවා. ඒ විදියට පන්සලේ චාටර් වෙච්ච ජෝඩුව
    ආයේ වැස්සකටවත් පන්සලකට නම් යන්නෙ නෑ..පස්සෙ දෙන්නා මුනගැහෙන්න ප්ලෑන්
    කරන්නෙ බස් ස්ටෑන්ඩ් එකේ..බලන්නකො මොකද වෙන්නෙ කියලා.

    බස් ස්ටෑන්ඩ් එකේදි…

    ක්ලාස් යන කොල්ලො – “අන්න බලපන්කො පට්ට කෑල්ලක් ඉන්නවා..දාගන්ඩ ඇත්නම් මරු බන්…“

    කොන්දොස්තර / ඩ්‍රයිවර් උන්නැහැලා – “අන්න බලපන් ලව් කරන විදිය…උන්
    දෙන්නා බස් එකේ යනකොට දෙන්නම්කො පදිරියක්…“

    ගෙවල් ලග ඇන්ටි කෙනෙක් – “යකෝ මේකි ගෙදර ඉන්නෙ පත්තිනි අම්මා වගේ…මෙහෙට
    එන්ඩ එපෑ බලන්ඩ කෙරුවාව..“

    අම්මා / තාත්තා – “ආ….යමකෝ ගෙදර….“

    පොලිස් රාළහාමි – උඹලා පන්ති කට් කරලා මෙතන ජෝගි නටනවා නේද…පලයව් මෙතනින්.

    බඩුම තමයි…පන්සලේ බැරි නිසා බස් ස්ටෑන්ඩ් එකේ මුනගැහුන කපල් එක එතනත්
    චාටර් වෙනවා. පොලිසියෙ මාමලා නම් ඔයිට වඩා හොදට කපල් වලට සලකන හැටි ඉතිං
    මම දැකලා තියෙනවා..ඒ ගැන කියලා නිකම් මොකටද මම සුදු වෑන් වල යන්නේ…

    ඉතිං මේ ජෝඩුව බස් ස්ටෑන්ඩ් එකට යන එකත් අතෑරලා මුනගැහෙන්ඩ තවත් තැනක්
    හොයනවා. කොල්ලගෙ ඔලුවට එක පාරටම දෙයක් මතක් වෙනවා.මොකක්ද? ආච්චි දවසක්
    කිව්වා මතකයි පිචැර් බලන්න සීයත් එක්ක ගියා කියලා. කොල්ලත් කෙල්ලව එක්කන්
    දුවන්නෙ ටවුන් එකේ තියෙන පිචැර් හෝල් එකට..

    එතනනම් වැඩි අවුලක් නෑ වගේ….දවස් දෙක තුනක්ම පිචැර් හෝල් එකේ මුන ගැහෙන
    ජෝඩුව පහු පහු වෙනකොට හෝල් එකේ පිටිපස්සෙ කලුවර කාමරවලට යන්නෙ පිචැර් එක
    (නිදහසේ) බලන්න.

    හරි දැන් ඕන් පිචැර් එක බැලුවයි කියලා හිතන්නකෝ…ඔයාලා හිතයි පිචර් හෝල්
    එකනම් මුනගැහෙන්න පට්ට කියලා…නෑ…..ජෝඩුව පිචැර් හෝල් එකේ ඉදන් එලියට
    එනකොටම පොලිස් මාමලා දෙන්නෙක් ජෝඩුව අල්ලගෙන මට්ටු කරන්න
    හදනවා…පොලිසියේ හොදකම කියන්නෙ ඉහලින් එන ඕඩර්ස් දෙපාරක් හිතන්නෙම නැතුව
    පිලිපදිනවා. පිචැර් හෝල් එකේ අයිතිකාරයා මැම්බර් මහත්තයෙකුට කොල් කරලා
    දෙන්නව නිදහස් කරවනවා.

    දෙන්නා ආපහු පිචැර් හෝල් එකට එයිද….නෑ….කෙල්ල කොල්ලට කියනවා “අනේ
    ආයෙනම් මම මෙහෙට එන්නෙ නෑ“ කියලා. මෙහෙම මට්ටු වෙච්ච දෙන්නා කාලයක්
    යනකම්ම මුනගැහෙන්ඩ තැනක් නැතුව ගෙදරට වෙලා ෆේස්බුක්, ස්කයිප් , මැසේජ්
    වලින් ආදරේ කරනවා.ඒත් නිදහසේ පිචර් බලපු ජෝඩුවක් කොහොම ඉන්නද ඒ
    විදියට…කොල්ලා කෙල්ලට කියනවා “අනේ පැටියෝ….අපි ඉක්මන්ටම මීට් වෙමු “
    කියලා.. ඒත් මුනගැහෙන්නෙ කොහොමද….පන්සලේ, බස් ස්ටෑන්ඩ් එකේ, පිචැර්
    හෝල් එකේ මුන ගැහුන ජෝඩුව හොදටම චාටර් උනා..

    ආයෙත් ඒ වගේ තැනක මුනගැහුනොත් චාටර් වෙන නිසා දෙන්නා යන්නෙ හොටෙල් එකකට.
    ඒ යන්න වෙන තැනක් නැති නිසා. අද සමාජයේ හොටෙල් එකකට කපල් එකක් යනවා
    දැක්කම මිනිස්සු කියන කතා මම අමුතුවෙන් කියන්නෙ මොකටද? පන්සලෙන් ආශිර්වාද
    අරගෙන ආදරේ කරන්න හිටිය ජෝඩුව සමාජයෙ ගැරහුම් වලට ලක්වෙනවා. ඒ ගෑනු ලමයා
    දිහා මිනිස්සු වැරදි විදියට බලනවා. නීතියෙන් දඩුවම් විදිනවා.

    මම මේ පෝස්ට් එක හිනායන විදියට දැම්මත් මේක බලන ඔබ මෙයට සිනහා වෙන්නෙ
    නැති වෙයි. මේ මම දැක්ක යථාර්තය. මට පෙනුන දේ මම ඔබට කිව්වෙ මේ පෝස්ට් එක
    දිහා බලලා බනින්නවත්, හිනාවෙන්නවත් නෙමෙයි. අපි නොහිතන පැත්තක් ගැන සමාජය
    දැනුවත් කරන්න.

    අපි හැමවෙලේම ආදරය කරන දෙන්නෙක් දිහා බලන්නෙ වැරදි විදිහට. කොල්ලටත් වඩා
    කෙල්ලට තමා වැඩිපුරම සමාජයේ අවධානය යොමු වෙන්නෙ. ඒත් හිතලා බලන්න අවංකව,
    හොද විදියට ආදරේ කරන්න හදන දෙදෙනෙක්ව හොටෙල් එකකට යවලා කෙලවරක් නැති
    විදියට ප්‍රශ්න වලට ඇදලා දාන්නෙ කවුද කියලා…

    ආදරය කරන දෙදෙනෙකුට නිදහසේ කරදරයක් නැතුව ඉන්න තැනක් තියෙනවනම් ඉහත සදහන්
    කරලා තියෙන විදිහට ඒ දෙදෙනා පත් වෙන්නෙ නැති වෙයි නේද? අසරණ කෙල්ලන්ගෙ
    කොල්ලන්ගෙ ජීවිත නිරපරාදෙ විනාශ වෙලා යන්නෙ නැති වෙයි නේද?

  2. Chav May 11, 2015 at 6:32 pm Reply

    ganna yamak meke thiyenawa (Y)

  3. geshanravindu May 16, 2015 at 2:59 pm Reply

    novels lk සයිට් එක ලියන්න කියවන්න කැමති දෙගෝල්ලන්ටම වටිනා සයිට් එකක්. ඔයාලට මේ සයිට් එක තව දියුණු කරන්න ලැබේවා… හැමෝටම ජය වේවා…!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: