Category Archives: Sinhala Keti Katha

“අහිමි පෙම“ කෙටි කතාව – සුමුදිත කවිෂාන්

ahimi pema

 

මෙන්න සුමුදිතගෙන් තවත් නිර්මාණයක්.මේ නිර්මාණය ගැන ඔබේ අදහසත් එකතු කරලා නිර්මාණකරුවා දිරිගන්වන්න.

 

Continue reading

“සමාවෙලා හදාගන්න මට මගේ හිත“ -කෙටි කතාව

11037225_424472094405452_318614670272854104_n

 

ෆේස්බුක් කියන්නෙ සමාජයේ ගොඩක් කතාබහට ලක්වෙන සමාජ ජාල වෙබ් අඩවියක්.එදා ඉස්කෝලෙ පහේ හයේ හිටිය ලමයි බට්ටො පැනලා,අයිස් පයිස් ගහලා හිටියට අද ඒ වයසේ ලමයි ඉන්නෙ ෆේස්බුක් එකේ. ගොඩක් මිනිස්සු මේ ෆේස්බුක් එකට විවේචන කරාට ෆේස්බුක් එකෙත් තමන්ගෙ හැකියාවන් එලිදක්වන තරුණ තරුණියෝ ඉන්නවා.

ඒ වගේ තමන්ගෙ හැකියාව ෆේස්බුක් අඩවියේ පල කරන තරුණයෙක් තමයි සුමුදිත කවිෂාන්.ගොඩක් ලස්සන හිතට වදින කතා ගොඩක් ඔහුගේ ෆේස්බුක් ගිනුමට ඇතුල් වුනාම දැකගන්න පුලුවන්.

ආදරය කියන්නෙ හැමෝටම පොදු දෙයක් වුනත් ආදරය කරන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.මේ ආදරය දකින සමාජයත් එහෙමයි.කෙනෙක් හොද විදිහට දැක්කත් තව කෙනෙක් ඒක වැරදි විදිහට තේරුම් ගන්න පුලුවන්.සංස්කෘතිය කියන වචනය ලොකුවට ඉස්සරහට දාගෙන අපි හැමෝම හැමදේකම හොයන්නෙ වැරදි.මේ කතාවෙන් ඔබ දෙයක් ලබා ගනීවි.තව කෙනෙක්ට චෝදනා කරද්දි ඔබ දෙපාරක් සිතාවි…

 

Continue reading

“නුඹ වෙනුවෙන්…“ – කෙටි කතාව

 

Loving couple holdind on the hands and sunset

Loving couple holdind on the hands and sunset

“ආදරය මොන තරම් ලස්සනද? සුදු කලු වර්ණ නෙමෙයි…ආදරයේ ලස්සන දකින්න ආදරය විදින්න ඕනේ…“

හිහි…ලොකු ටෝක් නෙහ්…

මට මේ නිර්මාණකරුවා හදුනාගන්න ලැබෙන්නෙ ෆේස්බුක් අඩවියෙන්…මම රචකයෙක් කියලා බොරු ෂෝ දාන්නෙ නැති වුනාට මේ රචකයාගේ නිර්මාණ ඇත්තටම ගොඩක් ලස්සනයි වගේම හොද අදහසක් ගන්න පුලුවන් විදිහට ලියනවා.

“ජින්කානා ජින්ජබරස්…“මේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ නම.

“නුඹ වෙනුවෙන්…“ කෙටි කතාවත් ඔහුගේ ෆේස්බුක් පිටුවේ තිබුන බොහෝම ලස්සන නිර්මාණයක්.බලන්නකෝ ඔහුගේ මේ වෑයම කොයිතරම් සාර්ථකද කියලා…

ඒවගේම මේ නිර්මාණය ගැන ඔබේ මතයත් සදහන් කරන්න අමතක කරන්න එපා…

 

 

Continue reading

“කුසගින්න” ‍කෙ‍ටි කතාව – සෙනෙහස් නිම්න ලියනගේ

Untitled-1

‍ඔබ ජීවිතයේ එක දවසක් හෝ නොකා නොබී බඩගින්නේ ඉදලා තියෙනවද? කන්න දෙයක් ගන්න අතේ සල්ලි නැතිව අසරණ වෙලා තියෙනවද?‍

එක කෑම වේලකට පන්දාහේ නෝට්ටු විසි කරන සමාජයක තමන්ගේ එකම සහෝදරියගේ කුසගින්න නිවන්න සහෝදරයෙක් ගන්නා වෑයම “කුසගින්න” කෙටි කතාව තුල ලියැවී තිබෙනවා.
නෙතට කදුලක් වගේම හිතන්නට යමක් ඉතිරි කරන මෙම කෙටිකතාව මා සිංහලට පරිවර්තනය කරන මොහොතේ ගොඩක් සංවේදි වෙන්න වැඩි වේලාවක් ගියේ නැහැ.

සෙනෙහස් නිම්න ලියනගේ… ‍මේ අපේ අඩවියට පායපු අලුත්ම රචක තරුව.
ඔහු දිගටම අපත් සමගින් එකතු වේවි.ඔහුගේ නිර්මාණයන් හරහා NOVELSLK පාඨක සැමගේ සිත් සතන් පිනවන්න ඔහු බලාපො‍රොත්තුවෙන් ඉන්නවා.
ඔබේ කමෙන්ට් එකෙන් ඔහුව තවත් දිරිමත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

Continue reading

“ස්නේහයේ මළගම” කෙටිකතාව

Capture

ආදරය කියන්නේ හැම දෙනෙක්ම සතුටින් සැහැල්ලුවෙන් විදින්න ඕන දෙයක්. නමුත් ඒ ආදරය නිසා කවුරු හරි දුක් වෙනවනම්……..
ප්‍රභාත් ද සිල්වා. මේ තමයි අපේ අඩවියට පෑයූ අලුත්ම රචකයා. ඔහුව දිරිමත් කරලා ඉදිරියටත් ඔහුගේ නිර්මාණ මෙම අඩවියේ පළ කිරීමට සහයෝගය දීම පාඨක ඔ‍බගේ යුතුකමක්. කියවලා බලන්නකෝ ඔහු‍ගේ කුලුදුල් නිර්මාණය කොහොමද කියලා.

ප.ලි –
ඒවගේම මම ස්තූතිවන්ත වෙනවා novelslk අඩවියේ දියුනුව වෙනුවෙන් සහයෝගය දෙන්න මාව ‍මේ අඩවියේ admin කෙනෙක් විදිහට පත් කරපු උදාර අයියා සහ මනෝ මාමාට.මනෝ මාමා තරම් මට කැපවෙන්න බැරි උනත් කාර්ය බහුල නොවන හැම මොහොතකම මම මේ අඩවිය වෙනුවෙන් කැපවෙන්න සූදානමින් ඉන්නවා.ස්තූතියි. -තාරක

_______________

මම තරූ කියපු දේට තව පොඩ්ඩක් එකතු කරන්නම්. මට හරිම සන්තෝසයි තරූ මේ අඩවියේ ඇඩ්මින් කෙනෙක් වුන එකට. තරුණ කෙනෙක් දැන් මේක අතට ගන්න ඕන. හැමදාම එක්කෙනෙක්ට මේක කරන්න බෑ.
ඉස්සෙල්ලම දරුවෙක් උපදිනවා.. ඊට පස්සෙ ළමයෙක් වෙනවා.. ඊ ළඟට තරුණයෙක්.. ස්වාමි පුරුෂයෙක්..තාත්තා කෙනෙක්..සීයා කෙනෙක් වෙලා අන්තිමේදී නැති වෙලා යනවා..ඒක තමයි ලෝක ස්වභාවය. ඒ හින්ද කිසිම දෙයක් හැමදාම එක්කෙනෙක්ට කරන්න බෑ.. යම්කිසි දෙයක් පැවැත්ම තියෙන්න ඕන නම් කලින් කලට වෙනස් වෙන්න ඕන. වෙන අය අතට ගන්න ඕන.
මේකෙන් කියන්නෙ නෑ මම සයිට් එකෙන් යනව කියල.. පුලුවන් තරම් කල් මම සයිට් එකේ ඉන්නවා.. ඒත් ඉතින් කිසි දෙයක් සදාකාලික නැහැනෙ…
මනෝ

Continue reading

%d bloggers like this: