ජීවිතය….

‘පුනරාගමනය’ කතාව මම දැන් ටිකෙන් ටික ලියනවා… මගේ හිත දැන් සෑහෙන්න සන්සුන් වෙලා තියෙන්නෙ… නුදුරු අනාගතයේදී මම ඊ ළඟ කොටස පල කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ අතර වාරයේදී ජීවිතය ගැන මගේ යාලුවෙක් මට ඊ මේල් එකකින් එවල තිබුන දෙයක් මම ඔයගොල්ලො එක්ක බෙදා ගන්න හිතුවා… මේක මගේ නිර්මාණයක් නෙමෙයි… කොහොම වුනත් මවගේ අභාවයෙන් ශෝක සංවේගයට පත් වෙලා හිටිය මට මේක තදින්ම හදවතට දැනුනා.

___________________________________________________________________________________

life

මටත් කලින් උඹ ගියාද…
දන්නෙ නැහැනෙ ඒ වග මම…
අපි දෙන්නා ඉස්සර නම් කන්තෝරුවෙ ලඟම තිබුන මේස දෙකේ රටේම තොරතුරු බෙදගත්තා…

ඒ විතරද…
පුංචි වුන්ගෙ දඟ වැඩ ගැන
මහත්තයගෙ සැර වැර ගැන
දාහක් දේ කතා කරා…

ගෙවිලා ගියපු කාලය මොනතරම් දිගද…

දරු මල්ලොත් දීග දීලා…
පැන්ෂොන් පෝලිමෙත් එකට…
ක්ලිනික් ගියෙත් අපි එකටම…

පසු ගියදා ක්ලිනික් එකට උඹ ආවේ නැති වුනාම මට මෙහෙම දෙයක් ගැන නම් හිතුනෙම නෑ මිතුරියෙ …
දැන් කව්රුද අපිට පණිවිඩ කියන්නේ නේද …

මට ටික දවසකට කලින් පැන්ෂන් ගිය උඹ…
මේ ගමනත් ඒ වගේම මටත් කලින් යන්න ගිහිං…………

 

 

 

Advertisements
%d bloggers like this: